හෝකන්දර පුදේශයේ නිවසක මුළුතැන්ගෙයක් තුළ අද (25) අළුයම් කාලයේදී ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක් සිදුව තිබෙනවා.
ගෑස් ටැංකිය රෙගුලේටරයෙන් ගැලවී ගැංකිය ඉහළට විසිවී සිවිලිමද කුඩුකරමින් වහලයේ ගැටී මුළුතැන් ගෙට විශාල හානියක් සිදුව ඇති බව කොට්ටාව පොලීසිය සඳහන් කරනවා.
මෙම නිවසේ හිමිකරුවා කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් බව ද සඳහන්.
මෑතකදී විශාල හානි ගෙන දෙමින් මෙවන් ගෑස් පිපිරීම් කිහිපටක් රටතුල සිදුවිය. මිදිගම පිහිටි කුඩා හෝටලයක සහ කොළඹ 07 මැක්ඩොනල් අවන්හලේදී සිදුවූ පිපුරුම් සමඟ ගිනි ගැනීම් සිදුවූවත් මෙම හෝකන්දර නිවසේ ගිනි ගැනීමක් සිදුව නොමැති බවද පොලිසය කියාසිටී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.