පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදය පවත්වන මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 80 ක් බැඟින් වත් අනිවාර්යයෙන් සභාවේ සිටිය යුතු බවට නියම කර තිබේ.
ඒ අනුව කාරක සභා විවාදය පැවැත්වෙන ඒ ඒ දිනවල සභාවේ සිටිය යුතු මන්ත්‍රීවරු නම් වශයෙන් සඳහන් කර ඔවුනට ලිඛිතව බරදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.
මෙලෙස මන්ත්‍රීවරුන් දින නියම කර ලබාදිමෙන් ඔවුන්ට තම අමාත්‍යංශවල හා දිස්ත්‍රික් මට්ටමේ කටයුතුවලට අවස්ථාව ලැබෙන බව ද ඔහු පැවසීය.
බොහෝවිට කාරක සභා විවාදය පවතින විට විවාදය සහභාගී වන මන්ත්‍රීවරු පමණක් සභාවේ රැඳී සිටිමේ තත්ත්වය වෙනස් කිරීමට මෙම පියවර ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



