මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවකින් සොයාගෙන තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවකින් සොයාගෙන තිබේ.
මෙම අල තොගය සුද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු කන්ඩායමක් විසින් විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම අල සුද්ද කර ෂෝට් ඊට්ස් (කෙටිකෑම) නිෂ්පාදනය කිරීම සඳහා හෝටල්වලට බෙදා හරින බවට තොරතුර හෙළි කර ගැනිමට හැකි විය. ඉන්දියාවෙන් ගෙන් වු බව කියන මෙම අල තොග කාන්තාවන් යොදවා සුද්ද පවිත්‍ර කර රට පුරා බෙදා හැර ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියි.
කාන්තාවන් 25 දෙනකු පමණ එම අල පිරිසිදු කරමින් සිට ඇත.
නගරාධිපතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.
විශාල ගබඩාව තුළ අර්තාපල් අල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.