නැවත දැනුම්දෙන තුරු මහරගම අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
පසුගිය සති කිහිපයේදී රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන දානමය ආධාර සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින අතර, එම පරීක්ෂණය අවසන් වන තුරු අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරනොගැනීමට තීරණය කළ බව විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පවසයි.
එම ගැටළුකාරී තත්ත්වයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වන විට අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.