ඔමික්‍රෝන් නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
විදේශයක සිට පැමිණි පුද්ගලයකුගේ ජෛව පටල සාම්පලයක තිබී මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට ඔමික්‍රෝන් වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මෙරටින් හමු වූ පළමු අවස්ථාව මෙය වේ.
විදේශයන්හි සිට පැමිණී පුද්ගලයන් රැසකගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා පසුගිය සතිය පුරා යොමු කරනු ලැබීය. මෙම මනව ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය සොයාගෙන ඇත්තේ එම පරීක්ෂණයේදීය
මේ පුද්ගලයා කවුද කුමන රටකින් පැමිණි අයකුද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.
මෙම පුද්ගලයාගේ ආශ්‍රිතයන් සිටීනම් ඔවුන් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියසිටී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.