කලක සිට නිදන්ගත රෝගයකින් පෙළුණු දරුවකු   ප්‍රතිකාර නොකර නිවසේ රඳවාගෙන සිටීම නිසා මියගොස් ඇති අතර සැකපිට මව, පියා සහ මිත්තනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  
මෙලෙස මියගොස් ඇත්තේ කටාන ආඬිමුල්ල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි කච්චි ආරච්චිගේ දොන් මලීෂ දුලක්ශන නම් දරුවායි.
කුඩා කළ සිටම මෙම රෝගයෙන් පෙළුණු දරුවාට නිසි ප්‍රතිකාර ලබා නොදී ඔවුන්ගේ ආගමට අනුව යාඥා කරමින් සිට ඇති අතර ඉකුත් 7 වනදා අලුයම දරුවා මියගොස් තිබෙනවා.
ප්‍රදේශයේ හමා ගිය දුර්ගන්ධය පිළිබඳව බඩල්ගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දී නිවසේ කාමරයක් තුළ තිබී දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



							    
							    
							    
							    
