කොවිඩ් 19ට එරෙහි එන්නත් 3නම ලබාගත් කාඩ්පත නොමැති වීම නිසා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතාට කටුනායක ගුවන්තොටුපලේ දී ගැටලුවකට මුහුණ පෑමට සිදු වුණා.
ඒ ඔහු පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පකිස්ථානය බලා පිටත්ව යාමට උත්සහ කළ අවස්ථාවේදී.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ තමාගේ පළමු කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී ලබා ගත් අතර දෙවන සහ තුන්වන මාත්‍රාවන් එක්සත් රාජධානියෙන් ලබාගත් බවයි.
මෙරට සෞඛ්‍ය අංශ විසින් එම තොරතුරු නිසි පරිදි යාවත්කාලීන නොකිරීම හේතුවෙන් ගුවන් තොටුපළේ දී තමාට දැඩි අසීරුතාවකට මුහුණ පෑමට සිදු වූ බව ඔහු පවසයි.
එමෙන් ම ජනතාව මෙලෙස අසරණ වීමට ඉඩ නොතබන ලෙස ඔහු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.