බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කෝවිඩ් ආසාදිතයෙකු වී ඇති බව ඊයේ හෙළිවී තිබෙනවා. මෙය ඔහුට වෛරසය වැළඳුණු දෙවන අවස්ථාවයි.
ආසාදිතයකු බව තහවුරු වීමට දින දෙකකට පෙර කුමරු මහරැජිණ මුණගැසී ඇති බව රාජකීය ආරංචි මාර්ග පවසනවා.
මහ රැජිනට වෛරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව බකිංහැම් මාලිගය තහවුරු කර නොමැති වුවද කැමිලා කුමරිය ආසාදිතයෙකු නොවන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.
2020 වසරේ මාර්තු මාසයේ දී පළමු වතාවට චාල්ස් කුමරුට කොවිඩ් ආසාදනය වූ අතර කුමරු මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.