2022 ලෝක සාම සමුළුවට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) අළුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් සෝල් අගනුවර දී හෙට (11) ආරම්භ වන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක සාම සමුළුව රටවල් 157 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දින 3 ක් පුරා පැවැත්වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයකු වන බෑන් කි මූන් සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගි වන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.