70 හැවිරිදි කාන්තාවකගේ දිරාපත් වූ සිරුර ඇගේ මරණයෙන් වසර දෙකකට පසු උතුරු ඉතාලියේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.
Marinella Beretta නම් මෙම කාන්තාව ඉතාලියේ කෝමෝ විල අසළ නිවසක තනිව ජීවත් වී ඇති අතර ඇගේ ගෙවත්තේ ගසක් කඩා වැටී ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව එහි ගිය ගිනි නිවන හමුදාව විසින් ඇගේ දිරාපත් වූ සිරුර සොයාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මෙම කාන්තාවගේ සිරුර සාලයේ පුටුවක වාඩි වී සිටියදී සොයාගෙන ඇති අතර ඇගේ මරණයට හේතුව නොදන්නා බවත් දිරාපත් වී ඇති ප්‍රමාණය සලකා බැලීමේදී ඇය 2019 වසර අවසානයේ දී මිය යන්නට ඇති බවත් පරීක්ෂකවරුන් විසින් තහවුරු කරයි.
මේ වන තෙක් ඇගේ ඥාතීන් කිසිවකුත් ඉදිරිපත් වී නොමැති අතර එරට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.