සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබන පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම ක්‍රමය යටතේ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වන පිරිස අඩුවීම මගින් රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇත.
එමෙන්ම සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතවන රැඳවූවන්ගේ පවුලේ සාමාජිකයන්ට ද දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වනවා.
ඒ අනුව සාර්ථක විශෝධන ක්‍රමයක් ලෙස දියුණු රටවල භාවිත කරන මෙම ක්‍රමය මගින් රැඳවූවාගේ අතෙහි හෝ පාදයේ පලඳවන ලද විශේෂිත චිපයක් හෝ වළල්ලක් මගින් ඔවුන් සිටින ස්ථානය හා කටයුතු පිළිබඳ බන්ධනාගාර නිලධාරීන්ට අධීක්ෂණය කිරීමේ හැකියාව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.