සත්ව හිංසනයට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට රජයේ තීරණය කර ඇත.
ඒ අනුව 'සත්ව සුබසාධනය' නමින් වන නව කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම නව පනත් කෙටුම්පතට අනුව සතෙකුට පහරදීම, අධික බර පැටවීම, අධික ලෙස ඇවිදවීම, බියගැන්වීම, වධහිංසා පැමිණවීම සහ අභිජනනය කිරීම තහනම් වනවා.
මීට අමතරව සතුන්ට නුසුදුසු කිසියම් කාර්යයකට යොදා ගැනීම, සතෙකුගේ සෞඛ්‍යයට හා සුභසාධනයට අහිතකර ලෙස පුහුණු කිරීම මෙන්ම වස හෝ හානිකර ඖෂධ ලබාදීම ද තහනම් වනවා.
එමෙන්ම හිතාමතාම ආහාර අහිමි කිරීම, සතාගේ උස, දිග සහ පළල ප්‍රමාණවත් ලෙස නොගැලපෙන කූඩුවක හෝ ස්ථානයක රඳවා තැබීමට ද හැකියාවක් නැත.
පනත් කෙටුම්පතෙහි විධිවිධානවලට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකුට මහේස්ත්‍රාත්වරයකු විසින් නඩු විභාගයෙන් වරදකරු කිරීමෙන් පසු රුපියල් මිලියනය නොඉක්මවන දඩයකට හෝ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.