පෙම්වතුන්ගේ දිනයට නව අරුතක් එක්කරමින් පෙබරවාරි 14 වන දා 'ආදරේට පැලයක්' යන තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල මණ්ඩපය සහ ශ්‍රී ලංකා සංවර්ධන පදනම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
පසුගිය වසරේ පළමු වරට ආරම්භ කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ මී පැළ 50,000ක් රෝපණය කර තිබෙනවා.
ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 14 වන දා පෙරවරු 9.00 ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.