පෙබරවාරි මාසයේ මුල් දින 10 තුළ පමණක් මෙරටට පැමිණිසංචාරකන් ගණන 30,000 ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ (11). නිකුත් කළ දත්තවලට අනුව පෙබරවාරි 1-10 වනදා දක්වා සංචාරකයින් 31,343 ක් පැමිණ ඇති අතර දෛනික පැමිණීමේ අනුපාතය 3134 ක් බව වාර්තා වනවා.
මෙම දින 10 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් රුසියානු ජාතිකයන් (4566) වන අතර දෙවනුවට වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ එක්සත් රාජධානියෙන් (3,799) වීම විශේෂත්වයක්.
මීට අමතර ව ඉන්දියාව, ජර්මනිය , යුක්‍රේනය , ප්‍රංශය , පෝලන්තය සහ කසකස්ථානය යන රටවලින්ද සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



