ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ඊයේ (11) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1 - විදුලි බල සැපයුම.
2 - රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්
ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



