මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිවරයා සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා.
සතොස ආයතනයේ සිදු වූ බව කියන, හඬ පටයකින් හෙළි වූ රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුළුතවත් මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මීට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත්කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම සහ මුං ඇට මිලදි ගැනීම ඇතුළු තවත් අයථා ගනුදෙනු රැසක් එම හඬපටයමගින් හෙළි වී ඇත.
එමෙන්ම සභාපතිවරයා විසින් කෝටි තුනහමාරක මුදල් ලබාගෙන ඇත්තේ දැනට සතොසට සීනි ලබාදෙන ව්‍යාපාරිකයාඉවත් කර මොරටුව ප්‍රදේශයේ වෙනත් ව්‍යාපාරිකයෙකුට එය ලබා දීමටයි.
ඒ අනුව සභාපතිවරයාගේ මෙම සියලු අයථා ගනුදෙනුවලදී අතරමැදියා ලෙස කටයුතු කර ඇති එම ආයතනයේප්‍රවාහන කළමනාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට පැමිණ නැති බවත් වාර්තා වනවා .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.