විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන මෙන්ම ජලාශ වල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද සිට දෛනික විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් ඉදිරි මාස තුන සඳහා විදුලි බලය කළමනාකරණය කිරීමට අදාළ ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියලුම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ජල විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රධාන විදුලි බල පද්ධතියෙන් විදුලිය භාවිත නොකර තම ජනන යන්ත්‍ර භාවිත කරන ලෙස පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත් විදුලිය ඇනහිටීම් සංඛ්‍යාත අවම කර ගැනීම සඳහා කාර්යබහුල වේලාවන්හිදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



