කොච්චිකඩේ ඔබ්බේරිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවකු පසුගිය මස 22 වනදා සිට අතුරුදන් වී ඇත.
එම දරුවා නිවස අසළ ඇති පල්ලියේ මංගල්‍ය සඳහා සහභාගි වන බව පවසා නිවසෙන් පිටත් ව ගිය ද නැවත නොපැමිණි බව මව පවසයි.පොලිසිය පවසන්නේ මෙම දරුවා යහපත් මානසික මට්ටමක පසු වූ අයෙකු නොවන බවයි.
අවසන් වරට කොළ පැහැති කමිසයක් සහ නිල් පැහැති ඩෙනිමක් හැඳ සුදු හා කළු සපත්තු පැළඳ සිට ඇති අතර උස අඩි පහක් පමණ වන තලෙළු අයෙක් බව සඳහන් වනවා.
මෙම දරුවා සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය පතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



