කෙරවලපිටිය යුගදනවි බලාගාරය සහ සපුගස්කන්ද A සහ B බලාගාරවල ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙගාවොට් 370ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි කරමින් යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය ඊයේ (19) සිට ඇනහිට ඇති අතර සපුගස්කන්ද A සහ B බලාගාර දෙකද අද (20) පෙරවරුවේ සිට අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 100 ක ධාරිතාවක් අහිමි වී තිබෙනවා.
මෙම විදුලි හිඟය දහවල් කාලයේදී ජල විදුලියෙන් පියවා ගැනීමට නියමිත නමුත් රාත්‍රී කාලයේ මෙම තත්වය හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල මණ්ඩලය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



