අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා රජයේ වාහන යෙදවීමෙන් වළකින ලෙස දැනුම්දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසත් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
ඉන්ධන භාවිතය අඩු කිරීම මෙන්ම ඒ සඳහා වැයවන අධික වියදම අඩු කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ඔහු පවසන්නේ.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ කොළඹ පැවැත්වෙන රැස්වීම් වලට කැඳවීම වෙනුවට ඉදිරියේ දී එම රැස්වීම් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



