දෙවන එලිසබත් මහ රැජිනට කාවින් වෛරස ආසාදනය වී ඇති බව බකිංහැම් මාලිගය අද (20) නිවේදනය කළා.
95 වන වියේ පසුවන ඇයට මේ වන විට සුළු රෝග ලක්ෂණ පෙන්වන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විවේකීව ගත කරනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් රාජකීය පවුලේ වාර්තාකරුවන් පවසන්නේ ඇය කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නතකරණයට ලක්ව ඇති බවයි.
මීට පෙර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට සහ ඔහුගේ බිරිඳ කැමිලා කුමරියට ද කොවිඩ් ආසාදනය වූ අතර ආසාදිත බව තහවුරු වීමට දින දෙකකට පෙර චාල්ස් කුමරු මහ රැජින මුණගැසී තිබුණා.
දෙවන එලිසබත් රැජින එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ රැජින වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



