මෙරට ජනගහනයෙන් 70%ක් බූස්ටර් එන්නත ලබාගැනීමේ අපේක්ෂිත ඉලක්කයට ළඟා වූවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට අවසර දීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පවසයි.
මේ වන විට ජනගහනයෙන් 6,372,961 ක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති අතර අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට නම් ජනතාව කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.
එසේ වුවහොත් උත්සව පැවැත්වීමට මෙන්ම රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකිවනු ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වන විට කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ලබාගත් පිරිස 16,836,546 ක් වන අතර දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස 14,063,861ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



