මාර්ගගත අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් ලබා දුන් ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ 15 හැවිරිදි සිසුවෙකු හේතුවෙන් 14 හැවිරිදි ඔහුගේ මිතුරිය ගැබ් ගෙන තිබෙනවා.
නිරන්තරයෙන් උදරාබාධයක් ඇති බව මෙම දැරිය විසින් සිය මවට පැවසීමෙන් පසුව ඇයව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයකුට පෙන්වා ඇති අතර එහිදී සිදුකරන ලද පරීක්ෂණයකින් ඇය සත් මසක ගැබිනියක් බව හෙළිවී තිබෙනවා.
මොවුන් එකම පාසලේ 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකාර සිසුවාගේ දෙමව්පියන් පවසා ඇත්තේ මීට මාස කීපයකට පෙර රුපියල් විසි 27,000 ක මුදලකට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම ජංගම දුරකථනය මිලදී ගත් බවයි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකාර සිසුවා පවසා ඇත්තේ ගැබ්ගත් දැරියගේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක ඇගේ නිවසට ගොස් තමා නැරඹූ අසභ්‍ය දර්ශන වල තිබූ ආකාරයට අදාළ සිසුවිය සමග හැසිරුණු බවයි.
ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොමැති බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරිනිය පවසන්නේ ඔවුන් දෙදෙනාටම ඔවුන් සිදු කළ ක්‍රියාවේ බරපතළකම පිළිබඳ අවබෝධයක් නැති බවයි.
කෙසේ වෙතත් දැරියගේ කුස තුළ සිටින දරුවා නිරෝගීව පසුවන බවත් සැකකාර සිසුවා නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



