රුසියානු හමුදාවන්ගෙන් තම මව්බිම ආරක්ෂා කරගැනීමට සූදානම් සෑම කෙනෙකුටම ඉදිරියට පැමිණෙන ලෙසත් ඔවුන්ට අවශ්‍ය ආයුධ නිකුත් කරන බවත් යුක්රේන ජනාධිපතිවරයා නිවේදනය කරයි.
රුසියාව සමඟ පවතින තත්වන උග්‍ර අතට හැරීමෙන් පසු පසුගිය සති කිහිපය පුරා එරට සාමාන්‍ය ජනතාව මූලික යුද පුහුණුව ලබන ඡායාරූප බොහෝමයක් විදෙස් මාධ්‍යවල සංසරණය වුණා.
එමෙන්ම යුක්රේන භූමිය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සමග ඇති සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් කපා හැර ඇති බවයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ෆින්ලන්ත ජනාධිපති Sauli Niinisto පවසන්නේ රුසියාවේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර යුක්රේනය සරණාගතයන් පිළිගැනීමට ෆින්ලන්තය ඕනෑම මොහොතක සූදානම් බවයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙය මුලු මහද්වීපයටම විශාල ව්‍යසනයක් බවත් හැකි ඉක්මනින් G7 නායකයන් සමග සාකච්ඡා කර සියලුම නේටෝ නායකයින් සමග හදිසි රැස්වීමක් පවත්වන බව දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



