රුසියාව මේ වෙන විට යුක්රේනය වෙත පූර්ණ ආක්‍රමණයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අද අළුයම කිවි අගනුවර ඇතුළු විශාල නගර කිහිපයකින්ම පිපුරුම් ශබ්ද වාර්තා වීමෙන් පසුවයි.
ප්‍රහාර එල්ල කිරීමට සුළු මොහොතකට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් කියා සිටියේ යුක්රේනය අත්පත් කර ගැනීමට සැලසුම් නොකරන අතර එහි හමුදාවන්ට ඔවුන්ගේ ආයුධ බිම තබා නිවෙස් කරා යන ලෙසයි.
නමුත් ඉන් සුළු මොහොතකට පසුව යුක්රේන හමුදා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර යුක්‍රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ දී රුසියානු ගුවන් යානා 5ක් සහ හෙලිකොප්ටරයක් බිම හෙළා ඇති බව එරට හමුදා නිවේදනය කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් යුක්රේනය තුළට හමුදා භටයින් ඇතුළු කිරීමෙන් වලකින ලෙස රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමග යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් රට පුරා හමුදා නීතිය පනවා ඇති අතර කිව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු අවලංගු කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



