අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 534 ක් සමග 22 හැවිරිදි සැකකාරියක් නවගමුව,කොරතොට ප්‍රදේශයේදී ඊයේ (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකාරිය කුලී පදනම මත කොරතොට ප්‍රදේශයේ නිවසක පදිංචි වී සිට තිබෙනවා.
එම කුලී නිවසේ හිමිකරු විසින් අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවසට ගොස් ඇයව බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 04 ක් අවශ්‍ය බව පවසා එම මුදල් බලෙන් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පොලිසිය විසින් 35 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී බලෙන් ලබා ගත් මුදලින් රුපියල් 392,800 ක මුදලක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාම අද (25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



