දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29 දොඩංගොඩ ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටීමෙන් එකම පවුලේ අටදෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය මෙලෙස අනතුරට පත්ව ඇත.
එම අනතුරින් අක්මීමන, කපුගේවල පදිංචි 67හැවිරිදි උනන්පිටිය ගමගේ රත්නසේන නම් පියා මියගොස් ඇති අතර මෝටර් රථය පදවාගෙන ආ ඔහුගේ පුත්‍රයාට කිසිදු තුවාලයක් සිදුවී නැති බව වාර්ථා වනවා.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක් වෙන අතර ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වෛද්‍ය උපාධිය ලද 29 හැවිරිදි තරුණිය සහ මෝටර් රථය පැදවූ ඇගේ සහෝදරයාගේ දරුවන් තිදෙනා තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



