ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ ඉතිරි තරග දෙක සඳහා සහභාගිවීමට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල එන ක්‍රීඩකයින් ඉන්දියාවට පිටත්ව යාමට නියමිතයි.
මීට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු තවත් ක්‍රීඩකයින් 7 දෙනෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙනිය යන ක්‍රීඩකයින් ටෙස්ට් කැස් තරගාවලිය වෙනුවෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ අතර කොවිඩ් ආසාදිතව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අද නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



