වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
66 හැවිරිදි Kalidien Nisha Gatoen නම් නෙදර්ලන්ත ජාතික මෙම කාන්තාව කුලී පදනම යටතේ මෙම මහල් නිවාසයේ රැඳී සිට ඇති බව වාර්තා වනවා.
මියගිය කාන්තාව Tik tok සමාජ මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් 37 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගොස් ඇති අතර ඔහුත් සමඟ මෙම නිවාස සංකීරස සංකීර්ණයේ නවාතැන් ගෙන සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ සැකකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



