රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්‍රේන ජාතිකයින් අද (25) කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් ආරම්භ කළා.
යුක්‍රේන ජාතිකයන් පවසන්නේ මෙම තීරණාත්මක මොහොතේ දී ජාත්‍යන්තර ප්‍රජාව වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.
රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ සිවිල් වැසියන්ගේ ජීවිතවලට හානි සිදුවී ඇති බවත් මෙය තුන් තුන්වන ලෝක යුද්ධයක් දක්වා උත්සන්න වීමට ඉඩ ඇති බවත් පවසමින් යුක්රේනයට උදව් කරන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



