දියර කිරි ලීටරයක් සඳහා කිරි ගොවියාට රුපියල් 100 ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ ආයතනයේ නිරීක්ෂණයකට එක් වෙමින් දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතා ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව පශු සම්පත්,ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගොවියාගෙන් කිරි මිලදී ගෙන අදාල ආයතන දක්වා රැගෙන යාමේදී අතරමැදියන් ගෙන් සිදුවන අක්‍රමිකතා පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් කළ යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



