ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.
ඒ අනුව පේක්ෂක ලීටරයක් රුපියල් විස්සකින් the ද ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ද ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
නවතම මිල ගණන් අනුව 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 204 වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 139 ක් වනවා.
ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 6 වැනිදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ අතර මෙය මෙම මාසය තුළ සිදුකරන දෙවන ඉන්ධන මිල සංශෝධනය වෙයි.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල ඉහළ දමා නැත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



