ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා ටෙක්සාස් හි පැවති ලෝන් ස්ටාර් එළිමහන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගෘහස්ථ උස පැනීමේ වාර්තාව අලුත් කර තිබෙනවා.
ටෙක්සාස්හි ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින 23 හැවිරිදි උෂාන් මීටර් 2.27ක දුරක් පැන එම වාර්තාව පිහිටවනු ලැබුවා.
ඒ මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 2.26ක වාර්තාව බිඳ හෙළමින්.
2004 සහ 2005 වසර වලදී මංජුල කුමාර විජේසේකර විසින් පිහිටුවනු ලැබූ වාර්තා පසුගිය වසරේ බිඳ දැමීමට ඔහු සමත් වුණා.



