සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් පහසුකම් සපයන රජයේ ලියාපදිංචිය ලත් ආපනශාලා , හෝටල් සහ ආගන්තුක නිවාස සඳහා බීර හා වයින් විකිණීමේ බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මේ මගින් අදාල ස්ථානවල හිමිකරුවන් සහ සංචාරකයන්ට මුහුණ දීමට සිදු වන අනපේක්ෂිත පීඩාවන් අවම කිරීම අරමුණ බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමයට මෙම ස්ථාන ඇතුලත් කර ගැනීම මගින් නීත්‍යානුකූල සහ ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් අලෙවි කරන බවට සනාථ කර ගැනීමටත් හැකියාව පවතිනවා.
සංචාරක අමාත්‍යාංශය, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් නව සුරාබදු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



