රුසියාව විසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාරවලින් යුක්රේන ජාතිකයන් 25 දෙනෙකු මිය ගොස් මියගොස් 102 ක් තුවාල ලබා ඇති අතර පනස් දහසක් පමණ රට අතහැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසයි.
එමෙන්ම යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රැසියාව සමග සටන් විරාමයකට සහ සාම සාකච්ඡාවකට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ නායකයන් සමඟ සාකච්ඡා කරනවාට වඩා යුක්රේන හමුදා සමග සාකච්ඡා කිරීම වඩාත් පහසු බවත් හැකිනම් රාජ්‍ය බලය අල්ලා ගෙන පෙන්වන ලෙස යුක්රේන හමුදාවන්ට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් බටහිර ජාතීන් විසින් සති ගණනාවක් පුරා අපේක්ෂා කරන ලද මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ හටගත් වඩාත් සුවිශේෂී තත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(විදෙස් මාධ්‍ය ඇසුරෙන්)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



