ඩීසන් නොමැතිවීම හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවාව හෙට (01) දිනයේ සිට නවතා දමන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ (IPPBA) ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැති කම හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 50% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ධාවනය නවතා ඇති බවයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා බස් රථ හිමියන්ට දිගු ඩීසල් පෝලිම් වල හිඳීමට සිදුව ඇති අතර ඉන්ධන නැවත පිරවීම සඳහා මගීන් සමග පෝලිම්වල රැඳී සිටීමට බස් රථවලට සිදුවී ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පෞද්ගලික බස් රථවලට අපහසුතාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට රජය ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



