රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් කිසිදු ජාත්‍යන්තර පාපන්දු තරගයක් රුසියාවේදී නොපැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සංගමය තීරණය කර ඇත.
එපමණක් නොව විදේශයන්හි පවත්වන තරගවලදී රුසියානු ජාතික ධජය සහ ජාතික ගීය තහනම් කිරීමටද එම ආයතනය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම පෝලන්ත සහ එංගලන්ත පාපන්දු කණ්ඩායම් රුසියානු පාපන්දු කණ්ඩායම සමඟ ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2022 කටාර් ලෝක කුසලානයෙන් රුසියාව නෙරපා හරින ලෙසයි.
තවද යුක්රේනය තත්වය යහපත් නොවන්නේ නම් රුසියානු පාපන්දු සංගමය ( RFU) සිය ධජය,ජාතික ගීය මෙන්ම රසිකයන්ගෙන් තොරව පවත්වන ලෙස රුසියාවට නියෝග කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



