පොදු ප්‍රවාහන සේවයේ ධාවනය කරන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන තොග ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සමග අද (28) පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය සඳහා දිනකට ඩීසල් ලීටර් 400,000 ක් අවශ්‍ය වන අතර රට තුළ පෞද්ගලික බස් බස්රථ 11,000 ක් ධාවනය කරන අතර ඒ සඳහා ඩීසල් ලීටර් 531,000ක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව අවශ්‍ය ඩීසල් තොග ලංගම ඩිපෝ සදහා ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එකඟ වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙය ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් දින දෙක තුනක් ගත වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළ අතර පවතින ඉන්ධන හිඟය දුම්රිය ධාවනයට බලපා නොමැති බව වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



