බෙලරුස් දේශ සීමාවේ දී ආරම්භ කළ යුක්‍රේනය සහ රුසියානු නියෝජිතයන් අතර පළමු සාකච්ඡා වටය මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබෙනවා.
මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවති අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙරට නියෝජිතයන් එකඟ වූ බව රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී විලැදිමීර් මෙඩින්ස්කි ප්‍රකාශ කළා.
ඒ අනුව නියෝජිතයන් සිය රටවල අගනුවරට පිටත් ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් සාකච්ඡාවල ප්‍රතිඵලය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.
( විදෙස් මාධ්‍ය ඇසුරිනි )
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



