මෙරට රැදී සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
සංචාරක යුක්රේන ජාතිකයන් 4000ක් පමණ මෙරට රැඳී සිටින අතර ඔවුන් පසුගියදා රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.
ඒ අනුව රුසියානු යුක්රේන යුධ අර්බුදය හේතුවෙන් අවතැන් වී සිටින විදේශිකයන්ට නැවත සිය රටට යනතුරු සියලු පහසුකම් සැපයීමට කටයුතු කරන බව මෙරට හෝටල් හා නිවාඩු නිකේතන කිහිපයක්ම පවසා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



