රුසියාවේ රැදී සිටින අමෙරිකානු පුරවැසියන් වහාම එරටින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ලොව පුරා රටවල් රැසක්ම රුසියානු ගුවන් යානාවලට සම්බාධක පැනවීමත් සමග බොහෝ ගුවන් සේවා රුසියාව බලා පිටත් වෙන ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කරමින් සිටියි.
ඒ අනුව අවස්ථාව ලැබෙන පළමු ගුවන් යානයෙන්ම නැවත ඇමෙරිකාවට පැමිණෙන ලෙස මොස්කව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ පළ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



