රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග 27 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව කොකේන් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 532 ක් ඉතා සූක්ෂම ලෙස ඇගේ ගමන් මල්ලේ තිබූ ෂැම්පු බෝතල් තුනක සහ මේ වෙනුවෙන්ම සැකසු විශේෂ බොත්තම් 400ක් තුළ සඟවාගෙන මෙරටට රැගෙනවිත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා මහතා සඳහන් කළා.
අදාළ කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි රාජ්‍යය හරහා ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් ඊයේ (28) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
අධි තාක්ෂණික උපකරණ සහිත අඩිස් අබාබා සහ ඩුබායි ගුවන්තොටුපල වල දී පවා අනාවරණය නොවූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වීම මෑත කාලය තුළ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
අදාළ කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



