'එක රටක් - එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය මාස 3 කින් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු ඊයේ (28) දිනයන් අවසන් අවසන්වීමට නියමිතව තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කාර්ය සාධක බලකාය ට පවරා ඇති කාර්යයන් නිසි ක්‍රියාකාරී සැලැස්මක් තුළ කාර්යක්ශම බව නිම කිරීමටත් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජනතාවගේ සහ විද්වත් මණ්ඩල වල වල අදහස් ලබාගැනීම සඳහාත් මෙහි නිල කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



