වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් හතකට රජය මෙතෙක් විසඳුම් ලබානොදීම හේතුවෙන් හෙට (02) සිට දින දෙකක කාලයක් යළි වර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
පසුගිය මාසයේ දී සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අඛණ්ඩ වර්ජනයක නිරත වුණා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව තාවකාලිකව එම වර්ජනය අත්හිට වූ නමුත් ඒ සාකච්ඡාවේදී ගත්තේ වන මේ දක්වා ක්‍රියාත්මක නොවීම නිසා යළි වර්ෂණය ට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා සහ වකුගඩු රෝහල්, ජාතික බෝවන රෝග විද්‍යායතනය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ මධ්‍යම ලේ බැංකුවේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



