කැබිනට් මණ්ඩලය විසින් පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයට අනුව ඉදිරි මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව 2022 පෙබරවාරි 15 සිට ඔක්තෝබර් 10 වනදා දක්වා පෙට්‍රල් බැරල් ආනයනය කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි ලබාගත් සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited වෙත ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



