හෙට දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව දහවල් කාලයේ පැය 5ක් ද රාත්‍රී කාලයේ පැය දෙකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාපවලටද දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S යන කලාපවලටද පැය 5ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.එමෙන් ම සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා E,T,U,V,W යන කලාප සඳහා ද රාත්‍රී 8.30 සිට 11.00 දක්වා F,P,Q,R,S යන කලාප සඳහා ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



