කටුනායක ගුවන්තොටුපල තුළ රත්රන් තොගයක් හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් පිටවීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරිවල නිරතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (28) අලුයම එමිරේට්ස් ගුවන් සේවය හරහා ඩුබායි සිට මෙරටට පැමිණි 43 හැවිරිදි ඉන්දියානු ජාතිකයා විසින් ම මෙම රත්‍රන් තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා.
එදිනම අළුයම 3.30 පමණයි ඉන්දියාවේ චෙන්නායි වලහ පිටත් වන ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකට පිවිසීමේ අරමුණින් පිටවීමේ පර්යන්තය තුළ රැඳී සිටි 28 හැවිරිදි වෙනත් ඉන්දියානුවෙකුට මෙම රත්රන් තොග ලබා දීමට උත්සාහ දරා තිබුණා.
කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 290ක් බරින් යුත් මෙම රත්‍රන් තොගය ගුලි ලෙස සකසා ගුද මාර්ගය තුළ පහසුවෙන් සඟවා ගැනීමට හැකි පරිදි ජෙල් විශේෂයක් තවරා තිබූ බව නිලධාරීන් පවසයි.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.
මෙලෙස අත්අඩංගුවට අත්තඩංගුවට ගත් රත්තරන් තොගය මත විශේෂ ජෙල් වර්ගයක් තවරා තිබීම නිසා ඒවායේ වටිනාකම තක්සේරු කිරීමට අපහසු බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



