රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවමින් සිටින පසුබිමක රුසියාව තුළ සියලුම නිෂ්පාදන අලෙවිය නතර කරන නවතම සමාගම බවට ඇපල් සමාගම පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇපල් සමාගම ප්‍රකාශ කළේ රුසියානු ආක්‍රමණය පිළිබඳව තමන් දැඩි කණස්සල්ලෙන් පසුවන අතර ප්‍රචණ්ඩත්වය නිසා අවතැන් වූ ජනතාව සමග නිරන්තරයෙන් සිටින බවයි.
ඒ අනුව යුක්රේන පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Apple Maps හරහා මාර්ග තදබද සහ සජීවී තොරතුරු ලබා ගැනීම ඇතුළු අනෙකුත් සේවාවන් ද සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
RIA පුවත් ඒජන්සිය නිවේදනය කරන ආකාරයට රුසියානු භාෂාවෙන් ක්‍රියාත්මක වෙන ජංගම බැංකු යෙදුම් (app) ද IOS මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක නොකරනු ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



