ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රථිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කළ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන බිහි වීමත් සමඟ ග්‍රාමීය ජනතාවගේ නව නිෂ්පාදන හදුනා ගැනීමට හැකි වූ බවත් ඒ තුළින් අඩු ආදායම් ලාභී පවුල් ඒකක වල ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍රමූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් තිරසාර හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි.
"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රට තුළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මගින් ග්‍රාමීයආර්ථිකය නඟාසිටුවීමටත්, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැන්වීමටත් සාධනීය වැඩ සටහන් රාශ්‍රියක් සමෘද්ධිඅමාත්‍යාංශය මෙරටට හදුන්වා දී තිබෙනවා. ඒ වගේම මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීම ඉතාසාර්ථක ලෙස සිදු කෙරෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට දිවයින පුරා ගම්මාන 576 ක් ඉදි කරලා තිබෙනවා. කෘෂිකාර්මික, කර්මාන්ත, ධීවර, සත්වපාලන සහ සේවා යන ක්ෂේත්‍රය යටතේ තමයි මේ ගම්මාන බිහි කළේ."
මෙම ව්‍යාපෘතිය යටතේ පළමුවෙන් කෘෂිකර්ම යටතේ විසිතුරු පැළ හා මල් ගම්මාන 25 ක්, මී පැණි ආශ්‍රිත නිෂ්පාදනගම්මාන 08 ක්, බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මාන 23, පලතුරු ආශ්‍රිත නිෂ්පාදන ගම්මාන 23, කෝපි ආශ්‍රිත නිෂ්පාදනගම්මාන 04, කාබනික පොහොර ආශ්‍රිත නිෂ්පාදන ගම්මාන 16 ක් සහ වෙනත් ගම්මාන 47 යනුවෙන් ඒක එක් ක්ෂේත්‍රයන්යටතේ ගම්මාන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මේ සඳහා ගම්වාසීන්ගේ ඇති වැඩි කැමැත්ත, උනන්දුව හේතුවෙන් ගම්මාන සංඛ්‍යාව 576 ක් දක්වා පුළුල් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව මෙම ගම්මාන හරහා ලබන වර්ෂයේ සිට ජාතික ආර්ථිකයට විශාල මෙහෙවරක් සිදු වේවි කියා අපි විශ්වාසකරන බව පසුගිය දා නව නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



