රුසියානු යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28) පැවැත්වෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කළ විශේෂ යෝජනාවකට අනුව පැවැත්වෙන මෙම සැසිය නිශේධ බලය යොදා පරාජය කිරීමට රුසියාව උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වී ඇත.
ඒ අනුව පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 193 දෙනාටම අවස්ථාව හිමිවන අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තැබීමට අණ කර ඇති බවයි වාර්තා වන්නේ .
එසේම ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ මොස්කව් නුවරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



